යනෙන සොයුරියන්
අතරින්
පිය නගමි මාවතේ
නිසල විය ම දෙපා
ඔබව ඇස ගැසුණු සද
මාවතේ පසක හිද
සුසුම් හෙලනා ලොවට
නැගණියේ නුබේ ඔය
කදුළු පිරි දෙනෙත්
යුග
අහිංසක මුව මඩල
සෝ ..සුසුම් හෙලන හද
දෙස බලා සිටිමි මම
නංවමින් කදුළු නෙත
අයදින දෑත් යුග
පවූකාර රුපියලක්
දෛවයද ඔය නුබේ
සමාජය කල පවද?
උරුම නැත සිනාවන්
යදින්නකු වූ නුබට
කෙදිනකදී නිම වේද
ඔබේ ඔය නෙත කදුළු
හැමදාම මං cms clz
යනකොට ලඟට දුවගෙන ඇවිත් අක්කේ ... රුපියලක් යයි කීව නැගණියනි ,බැණ එලවන නිසාම අනික් සොයුරියන් හැමදාම මා එනතුරුම මග
බලා සිට ලගට දුවගෙන ආ.. පුංචි නැගණියනි
.මගේ මිතුරිය බැන්න හින්දද නැවත මා වෙත නොපැමිණියේ ?සමාවන් මට පැන්චියේ…
මේ අසරණ ලෝකයේ අපිද හරි අසරණයි නංගියේ ….
ඔබ අද කොහෙද මා
නොදනිම් .නමුත් ඔබ නමින් මේ කවිය ලීවෙමි .මට කල හැක්කේ එය පමණි .මතු
කිසිදු බවයක ඔබට මෙවන් ලොවක් උරුම නොවේවා….!!!!!!!
පුරුවේ කල පවට....
ReplyDeleteවරම් අහිමි වුවද සිනා වෙන්නට...
ඒ පුංචි නැගණිය ...
සිනාසෙයි නුබේ කවි දැක්ක විට....
ලස්සනයි.... ඒ වගේම හැගුම් බරයි....
This comment has been removed by the author.
ReplyDeletethnx dr..ඇත්තටම මතක් වෙනකොටත් දුකයි .
ReplyDelete