Friday, September 28, 2012

සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය නංගියේ ......!!!!!!!!!!!



පිපෙන මලකි  තවමත්  නුබ 
හෙටට  සිරිය  දැනේ 
සඳක්  ලෙසින්  පුන්  සඳ  මෙන් 
පායන් මගේ  නගේ

උපන්  දිනේ  අද  ඔබගේ 
 පතමි  මගේ  නගේ
නිරෝගී  බව  සැප  සම්පත 
ඔබට  දිවිය  මගේ

මිහිරි   සිනා  මල්  පුබුදන 
මගේ  පුංචි  නගේ
අක්කා නගුන් ලෙස  හමුවෙමු 
මතුත්  සසර  මගේ

හැමදාමත්  සතුට  සමග 
 දිවිය  ඔබේ  බැබලේවා 
සියලු  දෙවිදු  රැකවරණින් 
දීර්ගායු  ලැබදේවා  !!!!!!!

Wednesday, September 26, 2012

සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය අය්යේ ......!!!!!!!!!!!

හදේ රැදී  සෙනෙහස 
වදන්  කල  නොහැක  මට 
ආදරෙන්  නුබේ  ලග 
රැදෙන්නම් හැමදාම 

සඳු  නොවේ  ඔබ 
හිරු  නොවේ  ඔබ
මහා  මෙරුවද  ඔබ  නොවේ

මහමෙරක්  සේ  සෙනෙහෙ  පානා
හිරු  වියනක්  සේ  එලිය  බෙදනා
පියාණන්  සේ  අපිව  රකිනා
ඔබ  අපේ  අයියන්ඩියම වේ 


ඔය  සිතට  හැමදාම  සතුටක්ම  හිමි  වන්න 
හදවතට  කිසි  දිනක  සෝ  තැවුල්  නොම  එන්න 
ඔබ  පතන  හැමදේම  ඉක්මනින්  ඉටු  වන්න
ආදරෙන්  පතන්නම්  ඔබ  උපන්  අද  දිනේ 


ලෙඩ  දුකක්  ඇති  නොවී  දිගු  කලක්  වැජබෙන්න 
ජීවිතේ  තිබෙනතුරු  හදවතින්  හිනැහෙන්න 
මතු  මතුත්  සසර  මග  අපේම   අයියන්ඩිය වෙන්න 
පතන්නම්  අපි  ඔබට  ආදරේ  හැමදාම

සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය අය්යේ ......!!!!!!!!!!!


Wednesday, September 19, 2012

දනී නම් ඔබ



දුකින් වැලපෙන  මගේ  ඉකිහඩ
 දුරැර  වෙනතක  සිත  බැදී 
දනී  නම්  ඔබ  මගේ  ප්‍රේමය 
කුමක්  වේ  දැයි  නොම  දනී

වැටෙන කදුලක රැදුණු සෙනෙහස
නුබේ නෙතගට නොපෙනුණි
කියා ගනු බැරි මගේ සිතුවිලි
බියම හින්දා සැගවිණි