Saturday, November 24, 2012

මගෙ දිවියට සතුට දෙනු මැනවී


සමුදුරක් සේ බලා ඉනු මැනවී
නිල් දොළක් සේ ගලා එනු මැනවී
සදා කාලික ප්රේමයක් ගෙන
මගේ දිවියට සතුට දෙනු මැනවී

මල් සුවද සේ හදෙහි පිරෙමින්
තරු වියන සේ එලිය බෙදමින්
හිතේ තනිකම මකාලනු මැනවී

මද පවන සේ හමා ඇවිදින්
සඳ වතුර සේ ගලා ඇවිදින්
මගේ මාවත සදලනු මැනවි

Wednesday, November 14, 2012

ඔබ පැමිණෙන මේ සිහිනේ අවසන කෙදිනක වේ දැයි නොමදන්නේ



සැබෑ ලෙස මුණ නොගැසී
සිහිනයෙන් ඔබ එන්නේ
අවදි වීලා බැලූ  මොහොතේ
ඇයි දමා දුර යන්නේ ...

සඳ ඇවිත් රෑ අහස් තලයේ
තාරුකා වියන් හිනැහෙන්නේ
රැයේ දුටු සුන්දරම හීනය
හිරු නැගෙද්දී බොද වෙන්නේ

මල් පිබිදීල  සුවද දිදී
බමරුන් හිනැහී දිව එන්නේ
ඔබ පැමිණෙන මේ සිහිනේ අවසන
කෙදිනක වේ දැයි නොමදන්නේ

Wednesday, November 7, 2012

සුළග වෙන්නට හැකි වුනේ නම්



සුළග වෙන්නට හැකි වුනේ නම්
එන්න
තිබුණා ඔබ සොයාගෙන
ඔබේ
ආදරණීය සුවදේ
ඉන්න
තිබුණා ආදරෙන්

ඔබගේ
ගත වට දැවටි මොහොතක්
හොරෙන්
අරගෙන සුවද බිදුවක්
සීත
සුළගක් ඇවිත් රහසින්
කියයි
ආදරණීය රහසක්

Sunday, November 4, 2012

මිතුදමින් හිනැහෙන්න

පත් ඉරු පුරා ඔබ  කී  වදන් 
මා  සිතම හඩවා ඇතේ.....
ඔබෙ ගී  අසා  දුක  දැනුනු  නමුදු
ඔබට  පුද  දෙනු  කෙලස  සෙනේ ...

නෙත ගැටුණු ඒ ඔබේ දෙනෙත් යුග
කීවා රහසක් කොදුරාලා .....
අනුකම්පාවක් නොව ප්‍රේමය යනු ලොව
වටහා ගනු මැන සමා වෙලා ....

හැරයන්න ඔබ දෙනෙත
අවසරයි සමු ගන්න
නැවත නෙතු ගැටුණු සඳ
මිතුදමින් හිනැහෙන්න

Thursday, November 1, 2012

ඔබම සොයමින් ඇදෙනවා

නිලට හුරු දම් පාට මුසු වී
සිතිජයේ දුර කොනකටම වී
නික්ම යන හිරු බලනවා
කදුළු බිදු බිදු වැටෙනවා

අහස සුසුමන් හෙලනවා
මගේ කදුලැලි පිසිනවා
ඉකි ගසා තව හඩනවා
පොලෝ තලයම තෙමනවා

තවත් කදුලැලි වැටෙනවා
ගගට කදුලැල් ඇදෙනවා
ගිං ගගම කළබා දිවෙනවා
ගගත් හෝ ගා අඩනවා

කදුළු පෙරහැර ගොඩ බිමට විත්
ඔබව කොහිදැයි සොයනවා
ගම් නියම් ගම් පසුකරන් විත්
ඔබම සොයමින් ඇදෙනවා