Wednesday, October 24, 2012

මම තාම හඩනවා



සඳ එලිය ගලනවා මල් පෙති අතරින්
මහා පොලොව තෙමෙනවා සඳ වතුරින්
ඔබේ දෙනෙත සොයා රෑ තරු අතරින්
තාම හඩමි මම පෙර මග බලමින්

ඔබ කොහිද ?

රෑ අහසේ  සඳ   කුසුමෙන්  
ඔබ  ඉන්න  තැනක්  ඇසුවා....
රෑ  අවදි  වෙලා  මග  බැලූ නමුත්
සඳ  නොදත්  බවම  කීවා ....

මුළු  දවසේ  මද  සුළගෙන් 
ඔබේ  සුවද  සෙව්වා ....
මල්  සුවද  අරන්   මෙහි  ආව  සුලගටත් .....
නුබේ  සුවද  අමතක  වෙලා ....

Sunday, October 21, 2012

සොයයි තව තවත්



සොයයි තව  තවත්
කුමක්දෝ මසිත 
එහෙත්   එය  කුමක්දැයි
නොදනී  තවම

සිතුවිලි  ගලා එයි
විසල්  මා  මනස
පාලු වූ  සිතුවිලි
යවයි  දුර  ඈත

බිදෙන  ඉපදෙන  රළක්  විලසට
මතක  ඉපදී  මිය  ඇදේ
සහස්  සුවහස්  සුසුම්  වැල්
මද  පවන  විත්  රැගෙන  යයි

Thursday, October 4, 2012

තාමත් නෑ
අදත් නොමැත
හෙට නාවත්
මක් කරම්ද?
රෑ හීනෙන් වත් දකින්න
නිදා ගන්නවා ඇරෙන්න
මගේ සිත
නුබේ සිත
දහස් වර
දුටුවමුත්


නුබේ සිත
මගේ සිත
නොදුටුවේද

එක් වරක්

Wednesday, October 3, 2012

හීනෙකින්වත් නොකියමි මම



ඔබ  නමින්  වූ  මගේ    ප්රේමය  
විසල්  සයුරට  සමයි 
දුක්  දරන  මා පොලව  වේ  නම් 
ඔබව  මට  අහසට  සමයි

හීනෙකින්වත්  නොකියමි  මම 
මේ  නිහඩ  බව  මට  හොඳයි 
ඔබට  කරදරයක්  නොවී  මම
ඔබට සමු දෙන්නම්