Friday, August 31, 2012

තාම නෑ මගේ හදට ලැබුනේ ඒ සිනාවන්

වැහි අදුර දුටුවාම ඉකි බිදී හද පැතුම්
සෙලවෙනා ගස් කොළන් දුටුවෙ නෑ මගෙ හැගුම්
සුළි සුලන් ඇවිත් හද කුණාටුව දෙයි රිදුම්
දිවි මගේ හැඩු කදුළු මටත් නොදැනෙන තරම්

නියගයක් ඇවිත් මගේ ලොවට දුන් දුක් ගොඩක්
වැහි දියෙන් සේදුවා තවත් එක් කරන් දුක්
ගිම්හාන කාලයක් සමග මට නෑ ලොවක්
ඉඩෝරය ගංවතුර මගේ දිවියේ එක් අඩක්

හැම දාම මා පැතුවේ සිනාවයි හදවතින්
තාම නෑ මගේ හදට ලැබුනේ සිනාවන්

Thursday, August 30, 2012

පියාණෙනි........



මුවග ඉදුල් කට ගෑවේ..
ඔබ තුරුලේ පියාණෙනි..
හෝඩි පොතේ අ කීවේ...
ඔබ තුරුලේ පියාණෙනි...
අප තනිකර ගියේ ඇයිද ?
මගේ ආදර පියාණෙනි...
ඔබේ සුවද හැමදාමත්..
අප හද තුල පියාණෙනි...!!!!!!